/
/
title icon
ඉහළට එසැවුණු රන් මිලේ කැපී පෙනෙන අඩුවක්
ඉහළට එසැවුණු රන් මිලේ කැපී පෙනෙන අඩුවක්
News Editor
2 days ago
Share:
ඉහළට එසැවුණු රන් මිලේ කැපී පෙනෙන අඩුවක්

පසුගිය දිනවල අඛණ්ඩව ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ රන් සහ රිදී මිල ගණන් මේ වනවිට පහත බැසීම ආරම්භ වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනයේදී රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,893.2ක් දක්වා අඩුවී ඇති බවයි. 

එය ඊයේ දිනයට සාපේක්ෂව 8.15% කින් එනම් අමෙරිකානු ඩොලර් 434.45ක පහත වැටීමක්. 

රිදී මිල ගණන්ද දැවැන්ත ලෙස පහළබැස ඇති අතර, අද වනවිට රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 85.34ක්. 

එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 29.16ක මිල පහළ යෑමක්. 

කෙසේ වෙතත්, රන් මිල තවමත් පවතින්නේ 2025 වසරට වඩා දෙගුණයක් පමණ ඉහළ අගයකයි.

මේ අතර, ලෝක රන් මිල පහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 20,000කින් පමණ පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. 

ඒ අනුව අද (31) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 349,000ක් දක්වා අඩුවී තිබෙනවා.‍ 

මේ අතර, ඊයේ රුපියල් 400,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 380,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required