/
/
title icon
ජගත් සංවිධානයටත් සල්ලි ප්‍රශ්නයක්
ජගත් සංවිධානයටත් සල්ලි ප්‍රශ්නයක්
News Editor
2 days ago
Share:
ජගත් සංවිධානයටත් සල්ලි ප්‍රශ්නයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇතැයි ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අනතුරු අඟවා තිබෙනවා. 

ඔහු සඳහන් කරන්නේ, සාමාජික රටවල් කිහිපයක් විසින් අනිවාර්යදායක මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

මෙම මූල්‍ය අර්බුදය තවදුරටත් ගැඹුරුවෙමින් පවතින අතර, එය එක්සත් ජාතීන්ගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බරපතළ බලපෑම් එල්ල කරන බව ගුටේරෙස් මහතා පෙන්වා දී තිබෙනවා. 

වත්මන් තත්ත්වය දිගටම පැවතුණහොත් ලබන ජූලි මාසය වනවිට සංවිධානයට මුදල් හිඟ වීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කළා. 

සාමාජික රටවල් 193කට යොමු කළ ලිපියකින්, අදාළ රටවල් තමන්ට අයත් අනිවාර්ය දායක මුදල් වහාම ගෙවීමට හෝ, එක්සත් ජාතීන්ගේ මූල්‍ය නීති හා ක්‍රමවේදයන් සංශෝධනය කිරීමට එකඟ විය යුතු බවද මහලේකම්වරයා දැනුම්දී තිබෙනවා‍. 

එසේ නොවුවහොත්, එක්සත් ජාතීන්ගේ සමස්ත ක්‍රියාකාරිත්වය බිඳ වැටීමේ දැඩි අවදානමක් පවතින බවටද ඔහු අනතුරු ඇඟවූවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required