/
/
title icon
කතා මැවූ විගණකාධිපති පුටුවට සමුදිකා
කතා මැවූ විගණකාධිපති පුටුවට සමුදිකා
News Editor
1 day ago
Share:
කතා මැවූ විගණකාධිපති පුටුවට සමුදිකා

මාස ගණනාවක සිට පැවති විගණකාධිපති ධුරයේ පුරප්පාඩුව අද පැවැති ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් අනතුරුව සම්පූර්ණ කෙරුණා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත පසුගිය සිකුරාදා දින යෝජනා කළ සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අද අනුමත කර තිබෙනවා.

මීට පෙර ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථාදායක සභාව වෙත ඒ සඳහා යොමු කළ නාමයෝජනා එම සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ සම්බන්ධව ඇතිවූ තත්ත්වයන් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සිකුරාදා දිනයේදී 5 වෙනි වරටද නව විගණකාධිපති ධුරය සඳහා නමක් යෝජනා කරමින් සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කර තිබුණා.

පසුගිය සෙනසුරාදා දින ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබුණද අදාළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බැවින් ව්‍යවස්ථාදායක සභාව අද රැස්වුණා.

එහිදී සමුදිකා ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරනු ලැබුවා.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required