/
/
title icon
දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ දිවයිනට
දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ දිවයිනට
News Editor
16 hours ago
Share:
දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ දිවයිනට

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද පස්වරු 1ට මෙරටට වැඩම කරවනු ලැබුවා.

ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්     යානයකින් ශ්‍රී සර්වඥ ධාතූන් වැඩම කරවීම සිදු කෙරුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේදී සිදුකරන ලද කැණීම්වලින් සොයාගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතූන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොතිබූ අතර, පසුගියදා සිදුවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදා වී තිබෙනවා.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබුවා.

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ගංගාරාම විහාරස්ථානයට පැමිණියා. 

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ හෙට උදෑසන සිට මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා අවස්ථාව හිමිවනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required