/
/
title icon
Gov Pay හරහා 46,000ක් දඩ ගෙවයි
Gov Pay හරහා 46,000ක් දඩ ගෙවයි
News Editor
3 months ago
Share:
Gov Pay හරහා 46,000ක් දඩ ගෙවයි

රථ වාහන වැරදි සඳහා දඩ ගෙවීමට හඳුන්වා දුන් "GovPay" යෙදවුම භාවිත කරමින් 2025 වසරේ රියදුරන් 40,000කට වැඩි පිරිසක් ගෙවීම් සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව රියදුරන් 46,635 දෙනෙකු මෙලෙස දඩ ගෙවීම් "GovPay" යෙදවුම හරහා සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

මේ වසරේ ජනවාරි 01 වනදා සිට 24 වනදා දක්වා කාලයේදී රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 11,715 දෙනෙකු "GovPay" යෙදවුම හරහා දඩ මුදල් ගෙවා තිබෙනවා.

ඉන් වැඩිම දඩ ප්‍රමානයක් අයකරගෙන ඇත්තේ අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාසයෙන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required