/
/
title icon
අලුත් විගණකාධිපති කථානායක හමුවී රහස් දිවුරුම දෙයි
අලුත් විගණකාධිපති කථානායක හමුවී රහස් දිවුරුම දෙයි
News Editor
17 hours ago
Share:
අලුත් විගණකාධිපති කථානායක හමුවී රහස් දිවුරුම දෙයි

නව විගණාකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා ජයරත්න මහත්මිය අද පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නා.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇය මෙලෙස රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදීම සිදුකෙරුණු බව සඳහන්.

මෙරට 42 වැනි විගණකාධිපති ලෙස පත්වූ ඇය එම ධුරයට පත් ප්‍රථම කාන්තාවද වනවා.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required