වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩිකර ලබාදීමට වතු සමාගම් විසින් දිනකට තේ දළු කිලෝ 25ක් ලබාදෙන ලෙස වතු සේවකයන්ගෙන් ඉල්ලීම් කරන බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වැටුප වැඩිවීමට පෙර පැවතියේ කිලෝ 20ක ප්‍රමාණයක් බවයි.
වැඩිකළ වැටුප ලබාදීමට මෙවන් කොන්දේසි සමාගම් පැනවුවහොත් වෘත්තිය සමිති සමග එක්ව විරෝධතා ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.