/
/
title icon
ටිල්වින් සහ ජයිශංකර් අතර හමුවක්
ටිල්වින් සහ ජයිශංකර් අතර හමුවක්
News Editor
1 day ago
Share:
ටිල්වින් සහ ජයිශංකර් අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා අතර නිල හමුවක් නවදිල්ලි නුවරදී පවත්වා තිබෙනවා. 

මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, අනාගත වර්ධන අවස්ථා ගවේෂණය කිරීම සහ සමාජ සුබසාධන වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි සඳහන්. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සැමවිටම විශ්වාසවන්ත සහ සැබෑ සහකරුවෙකු ලෙස පෙනී සිටින බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

මෙම හමුව සම්බන්ධයෙන් X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිස සමඟ ඉතා සුහදශීලී සහ ඵලදායී අදහස් හුවමාරුවක නිරත වූ බවයි. 

දෙරට අතර පවතින ගැඹුරු සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම සාකච්ඡාව මනා පිටිවහලක් වූ බවද ඔහු එහි දක්වා තිබුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required