ලාෆ්ස් ගෑස් මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
මිල සංශෝධනයට අනුව රුපියල් 4,250ක් ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල 4,330ක් වනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742ක්.