/
/
title icon
දිනකට අලුතින් පිළිකා රෝගීන් 100ක් - 40ක් මරුට
දිනකට අලුතින් පිළිකා රෝගීන් 100ක් - 40ක් මරුට
News Editor
7 hours ago
Share:
දිනකට අලුතින් පිළිකා රෝගීන් 100ක් - 40ක් මරුට

දෛනිකව නව පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

'පිළිකා කලින් හඳුනාගැනීමේ නව මධ්‍යස්ථානය' විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ ස්ථාපිත බෝවන රෝග සායන ගොඩනැල්ලේ පළමු මහලේ ස්ථාපිත කර තිබෙනවා.

මේ වනවිට දිවයිනේ ප්‍රධාන රෝහල් 6ක් ආශ්‍රිතව එම මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවත් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වාර්තාවන  පිළිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බව පෙන්වා දෙන වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේ, එම රෝගීන් පසු රෝගී අවධින් තුළ හමුවන බවයි.

එමෙන්ම, පිළිකා හේතුවෙන් දිනකට රෝගීන් 40කට පමණ ජීවිත අහිමිවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required