/
/
title icon
මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්
මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්
Nishani Upeksha
16 hours ago
Share:
මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්

2025 නොවැම්බර් මස දිවයිනට බලපෑ  දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්  ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජයෙන් මෙට්‍රික් ටොන් 500ක සහල් තොගයක්  ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති Marlar Than Htaik  මහත්මිය විසින්  ඊයේ (09)  කොළඹ වරාය පරිශ්‍රයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාර දෙන ලදි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට 20%ක් වගා බිම් හානියට පත් වූ අතර ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලබා දුන් මූල්‍යමය ආධාරවලට අමතරව මියන්මාර රජය මෙම මෙට්‍රික් ටොන් 500ක සහල් තොගය පරිත්‍යාග කළ බවයි.

අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අදහස් දැක්වමින්  හෙක්ටයාර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වගාබිම් හානියට පත්ව ඇති බවත්, හෙක්ටයාර 25000කට වැඩි ප්‍රමාණයක් නැවත වගාකළ නොහැකි ලෙස විනාශ වී ඇති බවත්,ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වගේම සහල් නිෂ්පාදනය සහ පරිභෝජනය අතිනුත් සමානකම් තියෙන මියන්මාර රජය තම නිෂ්පාදනයන්ගෙන් සහල් ප්‍රමාණයක් මෙලෙස පරිත්‍යාග කළ බවයි.

ආගමික වශයෙන්ද දිගු කාලීන ශක්තිමත් සබඳතාවක් දෙරට අතර පවතින අතර එම මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු කරමින් සිදුකළ මේ පරිත්‍යාගය දෙරටේ  රාජ්‍යතාන්ත්‍රික සබඳතා දිගුකාලීනව පවත්වාගෙන යාමට හේතුවක් වී තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේවෙතත් රජයන් විසින් ලැබෙන සියලු ආධාර මේ වන විටත් කඳවුරුගතව සිටින ජනතාවට සහන සැලසීම සඳහා  ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආපදාවට පත් ජනතාවට ලබාදීමට  කටයුතු කරනු ලබයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required