/
/
title icon
නීතිවිරෝධී ලෙස විසිතුරු මල්පැළ තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදි අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස විසිතුරු මල්පැළ තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදි අත්අඩංගුවට
Nishani Upeksha
16 hours ago
Share:
නීතිවිරෝධී ලෙස විසිතුරු මල්පැළ තොගයක්  රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදි අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස  රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක්   මෙරටට රැගෙන විත් ඒවා  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට උත්සාහ කළ  19 හැවිරිදි ශිෂ්‍යයෙකු අද අලුයම රේගු ජෛව විවිධත්ව , සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත් අඩංගුවට ගෙන තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි අයෙකි. 

මොහු අද අලුයම තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනු අතර ඔහූගෙ ගමන් මලු තුනක් තුළ ප්‍රිලෝඩෙන්ඩ්‍රම් , ඇග්ලෝනිමා , ඇලොකේශියා සහ මොන්ස්ටෙරා වර්ග වල විසිතුරු මල් පැළ 386 ක් සගවා ගෙන සිට ඇත.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required