ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10දෙනා ඇප මත මුදාහරින ලෙස ත්‍රිකුණාමලය මහාධිකරණය අද නියෝග කළා.
ඒ, කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් අදාළ ඇප ඉල්ලීම අද මහාධිකරණය හමුවේ සලකාබැලූ අවස්ථාවේදීයි.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නමක් ඇතුළු සැකකරුවන් පිරිස ජනවාරි 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කළා.