/
/
title icon
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් යථා තත්ත්වයට
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් යථා තත්ත්වයට
Nishani Upeksha
7 hours ago
Share:
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් යථා තත්ත්වයට

2025 නොවැම්බර් මස දිවයිනට බලපෑ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් යථා තත්ත්වයට පත්කර ඇතැයි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
 

පශ්චාත් ආපදා සහන වැඩසටහන පිළිබඳ පැහැදිළි කිරීම සඳහා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

තවදුරටත් අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ  පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ස්ථාපිත කර ඇති බවත් , අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන ගැටලු හා පැමිණිලි කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇති බවත්, ඒ සම්බන්ධව ගැටලු ඇත්නම් ඉදිරිපත් කළ හැකි බවත්‍ ය. ඒ අනුව විදුලිබලය, ඉන්ධන හා ගෑස් සැපයීම, රෝහල් සහ සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ජල සැපයීම සහ ජලාපවහනය ඇතුළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required