/
/
title icon
Metro Bus අගෝස්තුවේ දිවයිනට
Metro Bus අගෝස්තුවේ දිවයිනට
News Editor
3 days ago
Share:
Metro Bus අගෝස්තුවේ දිවයිනට

මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යුහයම කඩිනම් පරිවර්තනයකට ලක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින්. 

මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කළ යුතු බව ද අනුර කුමාර දිසානායක මහතා එහිදී පෙන්වා දුන්නා. 

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුනරුදයක් වෙනුවෙන් ආර්ථික තරඟකාරිත්වය, පාරිසරික තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාවය සහ ප්‍රවේශය, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය යන කුළුණු 05  යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙන උපායමාර්ගික සැලැස්ම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණා. 

කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථ වාහන තදබදයට පිළියමක් ලෙස Lanka Metro Transit බස් රථ සේවාව හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. 

මෙම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විට සම්පාදනය කරමින් තිබෙන  අතර, මේ වසරේ අගෝස්තු මාසය වන විට මෙරටට බස් රථ පැමිණීමට නියමිත බවත් මෙහිදී සඳහන් වුණා. 

කොළඹ අවට ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. 

බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන වැඩසටහන පසුව ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වෙතත්, ඉදිරි වසර 03 තුළ ප්‍රධාන නගර 08ක් දක්වාත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන්. 

මෙම නියමු ව්‍යාපෘතිය මගින්  කොළඹ නගරයට දෛනිකව ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව අවම කර, මගී ජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required