/
/
title icon
අවුරුදු 19කට පසු කැන්ගරුවන් පැරද වූ සිම්බාබ්වේ පිලට ඵෙතිහාසික ජයක්
අවුරුදු 19කට පසු කැන්ගරුවන් පැරද වූ සිම්බාබ්වේ පිලට ඵෙතිහාසික ජයක්
News Editor
8 hours ago
Share:
අවුරුදු 19කට පසු කැන්ගරුවන් පැරද වූ සිම්බාබ්වේ පිලට ඵෙතිහාසික ජයක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයකදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 23ක පරාජයක් ලැබීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුවුණා. 

ශ්‍රී ලංකාවද තරගවදින 'B' කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. 

මෙහිදී සිම්බාබ්වෙන් හිමිවූ ලකුණු 170ක ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19 යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණයි. 

සිම්බාබ්වේ අද ලැබූ මෙම ජය සැලකෙන්නේ ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 19කට පසු ලැබූ පළමු පන්දුවාර විස්ස තරග ජය ලෙසයි.

අවසන්වරට ඔවුන් 2007 වසරේදී ඔස්ට්‍රේලියාව කඩුලු 3කින් පරාජය කර තිබුණා.

එම තරගයෙන් පසු මෙම තරගයට පෙර දෙරට අතර විස්සයි20 තරග දෙකක් පවත්වා තිබූ අතර, එම තරග දෙකම ඔස්ට්‍රේලියාව ජයගත්තා. 

කෙසේ වෙතත්, පන්දුවාර විස්ස තරගයකදී දෙරට අද හමුවූයේ වසර 8කට පසුවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required