කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් , ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් දැනුම් දෙන ලදී.
එම නිසා පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (13) පියවර ගෙන තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහීන්න හා වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ දැනුම්දීමක්ද කර ඇත.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තවදුරටත් දැනුම් දෙන්නේ මෙම අනතුරු ඇඟවීමේනිවේදනය හෙට (14) පෙරවරු 6.00 දක්වා වලංගු බවත්, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත් ය.