මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1934 අගෝස්තු 30 දින නුවරඑළියේදී උපන් උපාලි තිස්ස විතාරණ 1974 වසරේදී ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වෙමින් සිය දේශපාලන ගමන්මග ආරම්භ කළා.
පසුව ඔහු එම පක්ෂයේ නායකත්වයටද පත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව පිහිටුවා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) යටතේ 2004 වසරේදී ඔහු පළමු වරට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුණා.
2004–2015 කාලය තුළ ඔහු, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා, විද්‍යාත්මක කටයුතු ජ්‍යේෂ්ඨ අමාත්‍ය යන ධුර ඔහු විසින් හොබවා තිබෙනවා.
පර්යේෂණ ආයතන ශක්තිමත් කිරීම, නවෝත්පාදන ප්‍රවර්ධනය සහ තරුණ විද්‍යාඥයන්ට අවස්ථා සැලසීම සඳහා තිස්ස විතාරණ මහතා සිය දායකත්වය සපයනු ලැබුවා.