තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිවැදීමෙන් එම දෙදෙනා මෝටර් රථය තුළම මියගොස් ඇති බව සඳහන්.
T-56 වර්ගයේ ගිනිඅවියක් උපයෝගී කරගෙන අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් මේ වනතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නැහැ.