/
/
title icon
කෝටි 16ක කුෂ් සමග තුනක් ගුවන්තොටේදී අල්ලයි
කෝටි 16ක කුෂ් සමග තුනක් ගුවන්තොටේදී අල්ලයි
News Editor
6 hours ago
Share:
කෝටි 16ක කුෂ් සමග තුනක් ගුවන්තොටේදී අල්ලයි

රුපියල් කෝටි 16කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16ක් මෙරටට රැගෙන ආ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා කොළඹ හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඉන් පිරිමි පුද්ගලයින් දෙදෙනා 33හැවිරිදි වියේ හා 28 හැවිරිදි වියේ පසුවනවා.

කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන බව සඳහන්.

මොවුන් අතරින් එක් අයෙකු සම්බාහන ආයතනයක් පවත්වාගෙන යන අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මොවුන් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් ඊයේ (15) රාත්‍රී 07ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් තිදෙනා විසින් රැගෙන ආ ගමන් මලු අතර වූ එක් ගමන් මල්ලක් තුළ, පැකැට් 60ක් ලෙස අසුරා සකස් කළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 16යි ග්‍රෑම් 400ක් සඟවා තිබිය දී සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් තිදෙනාව අද (16) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required