/
/
title icon
කොළඹ හෝටල් කාමරවලට වැඩි ඉල්ලුමක් - සංචාරකයින්ගේ පැමිණීමත් ලක්ෂ හතර පනී
කොළඹ හෝටල් කාමරවලට වැඩි ඉල්ලුමක් - සංචාරකයින්ගේ පැමිණීමත් ලක්ෂ හතර පනී
News Editor
4 days ago
Share:
කොළඹ හෝටල් කාමරවලට වැඩි ඉල්ලුමක් - සංචාරකයින්ගේ පැමිණීමත් ලක්ෂ හතර පනී

2026 වසරේ පෙබරවාරි 15 වනදා දක්වා ගතවූ කාලය තුළ සංචාරකයින් 436,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසුවා. 

ඒ, කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. 

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2026 වසරේදී රටවල් 15ක් ඉලක්ක කරගනිමින් ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. 

එසේම, පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බවත්, මේ වනවිට කොළඹ හෝටල්වල කාමර වෙන්කරවා ගැනීමේ ප්‍රතිශතය 100% අගයේ පවතින බවත් ඔහු පැවසුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required