/
/
title icon
"රටම එකට" ජාතික මෙහෙයුමේදී සැකකරුවන් 99,000ක් අත්අඩංගුවට
"රටම එකට" ජාතික මෙහෙයුමේදී සැකකරුවන් 99,000ක් අත්අඩංගුවට
News Editor
1 day ago
Share:
"රටම එකට" ජාතික මෙහෙයුමේදී සැකකරුවන් 99,000ක් අත්අඩංගුවට

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සඳහා ආරම්භ කර ඇති "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 99,000 ඉක්මවා ඇතැයි පොලීසිය පවසනවා. 

මෙම මෙහෙයුම යටතේ මේ දක්වා සැකකරුවන් 99,540ක් අත්අඩංගුවට ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළා. 

තවද අදාළ මෙහෙයුම් මගින් සැකකරුවන් 137කට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශනද ආරම්භ කර තිබෙනවා. 

තවද සැකකරුවන් 1,973කට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමටද, පුනරුත්තාපනය සඳහා පුද්ගලයින් 1,639 යොමු කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බව සඳහන්. 

එමෙන්ම මෙම වැටලීම් මගින් හෙරොයින් කිලෝ 524යි ග්‍රෑම් 906ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,416 ග්‍රෑම් 41ක්ද පොලිස් භාරයට ගැනීමටද පොලීසිය කටයුතු කර තිබෙනවා. 

මීට අමතරව ගංජා කිලෝ 3,506 ග්‍රෑම් 298ක්, කොකේන් කිලෝ 11 ග්‍රෑම් 674ක්ද, කුෂ් කිලෝ 199 ග්‍රෑම් 864ක්, හෂීස් කිලෝ 121 ග්‍රෑම් 962ක් සහ මත්පෙති 932,976ක් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පැවසූ පොලීසිය සඳහන් කළේ වැටලීම් 100,247කට අදාළව මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්වූ බවය‍ි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required