/
/
title icon
මෝදි සහ ජනපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
මෝදි සහ ජනපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
News Editor
1 day ago
Share:
මෝදි සහ ජනපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා. 

නවදිල්ලි නුවර පැවැත්වෙන "AI Impact 2026" සමුළුවට සමගාමීව නායකයින් අතර මෙම සාකච්ඡා පැවැත්වුණා. 

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදීයී සිදුකෙරුණේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම ආරාධනය පිළිගෙන AI Impact 2026 සමුළුවට සහභාගි වීම පිළිබඳ ස්තූතිය පළ කරමින් සුහද කතා බහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

d3c9d66025fce27a1bd2ee2bdaf83822.jpg
fbb974c504de53b84ae30fffb77ea206.jpg

අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අතර ඉන්දු - ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. 

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය කෘතඥතාවද පළ කරනු ලැබුවා. 

මේ අතර, අගමැති මෝදි ස්ලෝවැකියානු ජනාධිපති පීටර් පෙලෙග්‍රිනි, නෙදර්ලන්ත අගමැති ඩික් ෂූෆ්, අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා. 

එමෙන්ම ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින්, ග්‍රීසියේ අගමැති කිරියාකොස් මිට්සෝටකිස් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමගින්ද එම සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required