/
/
title icon
විදුලි ගාස්තු වැඩිවීම ගැන මහජන අදහස් විමසීම 25 වැනිදා සිට
විදුලි ගාස්තු වැඩිවීම ගැන මහජන අදහස් විමසීම 25 වැනිදා සිට
News Editor
8 hours ago
Share:
විදුලි ගාස්තු වැඩිවීම ගැන මහජන අදහස් විමසීම 25 වැනිදා සිට

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. 

පෙබරවාරි මස 25 වැනිදා සිට මාර්තු මස 18 වැනිදා දක්වා වාචිකව මෙන්ම ලිඛිතවද මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු සිදු කරන බව එම කොමිසන් සභාව සඳහන් කළා. 

පළාත් 09ම ආවරණය වන පරිදි එම කටයුතු සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව සෙසු කරුණුද සලකා බලා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කොමිසන් සභාව විසින් තීරණය කිරීමට නියමිතයි.

2026 වසරේ දෙවන කාර්තුව සඳහා එනම් අප්‍රේල් මස පළමුවන දින සිට ජුනි මස 31 වන දින දක්වා වන කාලසීමාව සඳහා 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අපේක්ෂා කරමින් පසුගිය 13 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත සිය යෝජනාවලිය ඉදිරිපත් කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required