/
/
title icon
දෙවුන්දර වෙඩි තැබීමක් - මාළු ව්‍යාපාරිකයෙකු මරුට
දෙවුන්දර වෙඩි තැබීමක් - මාළු ව්‍යාපාරිකයෙකු මරුට
News Editor
9 hours ago
Share:
දෙවුන්දර වෙඩි තැබීමක් - මාළු ව්‍යාපාරිකයෙකු මරුට

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. 

පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා. 

පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා. 

මෙලෙස වෙඩි වැදී ඇත්තේ සිරිල් හෙන්දාවිතාරණ නොහොත් 'ඩිලයිට්' නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු බව සඳහන්.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

එලෙස රෝහල් ගතකෙරුණු පුද්ගලයා අනතුරුව එහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required