/
/
title icon
ජනවාරියේ උද්ධමනය පහළට
ජනවාරියේ උද්ධමනය පහළට
News Editor
2 hours ago
Share:
ජනවාරියේ උද්ධමනය පහළට

2026 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 ජනවාරි මාසය සඳහා 2.4%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

2025 දෙසැම්බර් මාසයේ දී 4.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2026 ජනවාරි  මාසයේ දී 3.4% ක් දක්වා අඩු වී තිබෙනවා.

එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  1.6%  ක් ලෙස පැවති අතර,2026 ජනවාරි මාසය සඳහා ද එම අගය 1.6% ක් ලෙස නොවෙනස්ව පවතිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required