/
/
title icon
කේරලයේ නම කේරලම් ලෙස වෙනස් කෙරේ
කේරලයේ නම කේරලම් ලෙස වෙනස් කෙරේ
News Editor
7 hours ago
Share:
කේරලයේ නම කේරලම් ලෙස වෙනස් කෙරේ

ඉන්දීය මධ්‍යම රජය විසින් කේරල ප්‍රාන්තයේ නම 'කේරලම්' (Keralam) ලෙස නිල වශයෙන් වෙනස් කිරීමට අද අනුමැතිය ලබා දුන්නා.

මෙම තීරණය ගෙන ඇත්තේ  2024 වසරේ ජුනි 24 වෙනිදා කේරළ ප්‍රාන්ත සභාව විසින් ඒකමතිකව සම්මත කරන ලද යෝජනාවකට අනුව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එළඹෙන අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිත කේරල ප්‍රාන්ත සභා මැතිවරණයට පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය යටතේ ඉන්දීය ජනාධිපති විසින් "කේරල (නම වෙනස් කිරීමේ) පනත් කෙටුම්පත - 2026" කේරළ ප්‍රාන්ත සභාව වෙත යොමු කරනු ඇති.

එහිදී ප්‍රාන්ත සභාවේ අදහස් විමසීමෙන් අනතුරුව, ජනාධිපති නිර්දේශය මත මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කේරළ මහ ඇමති පිනරායි විජයම් මහතා ප්‍රකාශ කළේ, මලයාලම් භාෂාවෙන් මෙම ප්‍රාන්තය හඳුන්වනු ලබන්නේ 'කේරළම්' යන නමින් බවයි. නිදහස් සටන් සමයේ සිටම මලයාලම් භාෂාව කතා කරන ජනතාව සඳහා 'කේරලම්' නමින් එක්සත් ප්‍රාන්තයක් පිහිටුවීමේ ඉල්ලීම පැවති බව ඔහු පවසා තිබෙනවා.

මෙම සංශෝධනය හරහා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි උපලේඛනයට ඇතුළත්ව ඇති සියලුම භාෂාවලින් මින් ඉදිරියට ප්‍රාන්තයේ නම 'කේරලම්' ලෙස වෙනස් කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required