/
/
title icon
විදුලි වෘත්තිය සමිති හෙට සංකේත වැඩවැරුමක
විදුලි වෘත්තිය සමිති හෙට සංකේත වැඩවැරුමක
News Editor
1 hour ago
Share:
විදුලි වෘත්තිය සමිති හෙට සංකේත වැඩවැරුමක

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට දහවල් 12 සිට සවස 6 දක්වා සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. 

සියලුම සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම යනුවෙන් සඳහන් කරමින් ලංවිම වෘත්තීය සමිති 21ක් බලශක්ති අමාත්‍යවරයා වෙත අද ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දී ඇතැයි සඳහන්.

ඉදිරිපත් කළ ඉල්ලීම් 8කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැති බව එම ලිපිය මගින් වෘත්තීය සමිති පෙන්වා දී තිබෙනවා.

එබැවින් අදාළ ඉල්ලීම් දිනාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් සේවකයන්ට සහ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වෙත ඉතිරිව නොමැති බව ඔවුන් පවසනවා.

ඒ අනුව ඉතා සාධාරණ සහ යුක්ති සහගත එම ඉල්ලීම් ඉටුකිරීම පසෙකලා දිගින් දිගටම කල්මැරීම මෙම පැය 6ක සංකේත වැඩ වර්ජනය දියත් කිරීමට හේතු වූ බව එහි සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required