ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 281ක්.
රුපියල් 323ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 329ක් වනු ඇති.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 293ක්.
ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනය කර නැහැ.
ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 182ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 340ක්.