මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.
ඒ හේතුවෙන් කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොවන ලෙස එම සංස්ථාව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි විධායක කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කළේ, හෙට දිනයේත් සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවයි.