ඉන්දියාවේ විශාකාපට්නම් සිට යළි ඉරානය බලා පිටව යමින් තිබූ අයිරිස් ඩේනා නෞකාව තුළ 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බවට වාර්තා වනවා.
ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ, අනතුරින් පසු එහි සිටි 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
ඒ අතරින් 80 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව සඳහන්.
එසේම, නෞකාවේ සිටි තවත් තිස් දෙදෙනෙකු පමණ ගලවාගෙන තිබුණා.