/
/
title icon
ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්
ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්
News Editor
22 hours ago
Share:
ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

නව අනුරාධපුර සහ වව්නියාව විදුලි සැපයුමේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි සැපයුමට බාධා එල්ල වූ බව විදුලිබල මණ්ඩලය පවසනවා. 

එම තාක්ෂණික දෝෂය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස්වීම හේතුවෙන් කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරයේ වාෂ්ප තලබමන යන්ත්‍රය අක්‍රීයවීමත් සමඟ එය පද්ධතියෙන් ඉවත්ව තිබෙනවා. 

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියක මෙගාවොට් 55ක විදුලි ධාරිතාවයක් අහිමිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අද දහවල් විදුලිය බිඳවැටීම් වාර්තා වුණා. 

කෙසේ වෙතත්, විනාඩි කිහිපයක් තුළ යළි එම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණු බවද විදුලිබල මණ්ඩලය පැවසුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required