/
/
title icon
අසල්වැසියන්ගෙන් ඉරානය සමාව අයැදී
අසල්වැසියන්ගෙන් ඉරානය සමාව අයැදී
News Editor
1 hour ago
Share:
අසල්වැසියන්ගෙන් ඉරානය සමාව අයැදී

අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව සිදුකළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කලාපීය රටවලට එල්ලකළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් එම රටවලින් සමාව අයැද සිටියා. 

මෙලෙස සමාව ඉල්ලා සිටියේ ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය වූ වීඩියෝ පණිවුඩයක් මගින්. 

අසල්වැසි රටවල්වලට ප්‍රහාර එල්ලකිරීමට සිට රටට අවශ්‍යතාවක් නොමැති බවත්, සාමය සහ සන්සුන්භාවය ස්ථාපිත කිරීම කලාපීය සහයෝගීතාව ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා. 

ඉරානයට එරෙහි ප්‍රහාරයක් අසල්වැසි රටවලින් එල්ල නොවන්නේ නම්, සිය රටද කලාපීය රටවලට පහර නොදෙන බවටත් මෙහිදී ඔහු පැවසුවා. 

"මෙතැන් සිට, පළමුව පහර නොදුන්නහොත් අසල්වැසි රටවලට පහර නොදෙන්න" යනුවෙන් ඉරාන අන්තර්කාලීන නායකත්ව තීරණයක් ගෙන ඇති බවත් ඉරාන ජනපති පෙසෙක්ෂියන් පවසා තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required