ලෝකයේ මිල ඉහළයෑම් අපට පාලනය කළ නොහැකි බවත් තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත් මිල ඉහළ යාම සිදුවන බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එම ඉහළ යාම අනිවාර්යෙන්ම අපටත් දැරීමට සිදුවන බවද එය නතර කළ නොහැකි තත්ත්වයක් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.
මැදපෙරදිග ඇති වී තිබෙන මෙම තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක් වන අතර විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය විශාල ගැටලුවක් වන බවද ඔහු ප්‍රකාශ කළා.