ඉරානයට අද දිනය තුළදී ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බව පවසමින්අ මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇතැයි සඳහන්.
ඉරාන ජනාධිපතිවරයා මීට පෙර කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානය තම මැදපෙරදිග අසල්වැසියන්ගෙන් සමාව අයැද යටත් වී ඇති බවත්, මින් ඉදිරියට ඔවුන්ට වෙඩි නොතබන බවට පොරොන්දු වී ඇති බවයි.
එමෙන්ම, "මෙම පොරොන්දුව ලබා දුන්නේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ නොපසුබස්නා ප්‍රහාර හේතුවෙන් පමණක්" බවත් එහිදී ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, සිය සටහන අවසානයේ ට්‍රම්ප් පවසා තිබුණේ "අද ඉරානයට ඉතා දරුණු ලෙස පහර දෙනු ඇත!" යනුවෙන්.
"මෙතෙක් කල් ඉලක්ක කිරීමට සලකා නොබැලූ ප්‍රදේශ සහ පුද්ගල කණ්ඩායම්, සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සහ ස්ථිර මරණය ළඟා කරවීම සඳහා මේ වන විට දැඩි ලෙස සලකා බලමින් පවතින" බවටද ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටිනවා.