ඉරානයේ පවතින යුද්ධය වහාම අවසන් කරන ලෙස 14 වන ලියෝ පාප් වහන්සේ ඉල්ලා සිටිනවා.
එමෙන්ම උන්වහන්සේ අනතුරු ඇඟවීමක් කරමින් පවසා ඇත්තේ මෙම ගැටුම හේතුවෙන් ලෙබනනය ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයම අස්ථාවර විය හැකි බවටයි.
අද පැවති Angelus යාඥාවෙන් පසු බැතිමතුන් අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ ඉරානයෙන් සහ මැදපෙරදිග කලාපයෙන් ලැබෙන පුවත් තමන් තුළ "දැඩි කම්පනයක්" ඇති කර ඇති බවයි.