අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ අතර ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්, අසංග එස් බෝදරගම මහතා විසින් මෙලෙස ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.