අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල ඉහළ නංවීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක් වනවා.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 353ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 365ක්.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් ලෙස සටහන් වනවා.
ලංකා භූමිතෙල් මිල රුපියල් 13කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 195ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව IOC ඉන්ධන මිල ගණන්ද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.