අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්ටබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබෙනවා.
1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වනවා.
ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ඇතැයිද සඳහන්.
ඉරාන මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ අවුරුදු 17දී ඔහු ඉරාන - ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් එරට යුද හමුදාවේද සේවය කර තිබෙනවා.
එමෙන්ම 1999 දී සිය ආගමික අධ්‍යනය කටයුතු සිදුකරගෙන යාම සඳහා ෂියා දේවධර්මයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ශුද්ධ නගරයක් වන කොම් වෙත ගොස් ඇති බවත් සඳහන්.
තවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මොජ්තබා කමේනි නිහඬ චරිතයක් බවත් ඔහු කිසි දිනක රජයේ තනතුරු දරා නොමැති බවයි.
කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා ඉරානය තුළ තිරය පිටුපස ඔහු සැලකිය යුතු කාර්යයක් සිදුකර ඇතැයිද වාර්තා වනවා.
පසුගිය 28 වැනිදා ඊශ්‍රායල - අමෙරිකා ප්‍රහාරයකින් ඔහුගේ පියා වන ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කෙරුණා.