2005 වසරේ සිට මහනුවර ඵෙතිහාසික දළදා පෙරහරේ උතුම් දළදා වහන්සේ වැඩම කරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය එළැඹෙන 11 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සනුජා කස්තුරිආරච්චි මහත්මිය පැවසුවේ ඒ අනුව එළැඹෙන 11 වැනිදා සිට කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී ප්‍රතිනිර්මාණය කරන ලද මෙම හස්තියාගේ රුව නැරඹීමේ හැකියාව පවතින බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය මේ බව සඳහන් කළා.
එමෙන්ම මෙම අවස්ථාවට එක්වූ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මනෝරි ගුණතිලක මහත්මිය පැවසුවේ චර්ම ශිල්පී ක්‍රමවේදය අනුව සංරක්ෂණය කළ සත්වයෙක් වසර 500ක් දක්වා කාලයක් තබා ගත හැකි බවත් ඒ අනුව ප්‍රතිනිර්මාණය කළ නැඳුන්ගමුවේ හස්තියාද එම කාලය දක්වා තබා ගත හැකි අයුරින් කෞතුකාගාර දෙපාර්තමෙන්තුව අදාළ ප්‍රතිනිර්මාණ කටයුතු සිදුකළ බවයි.
ප්‍රතිනිර්මාණය කළ මෙම නැඳුන්ගමුවේ රාජා සඳහා වැය වූ මුදල් ප්‍රමාණය ගැන අදහස් දක්වමින් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකානි සෝමරත්න මහත්මිය පැවසුවේ මෙම කටයුතු සඳහා ලක්ෂ 70කට ආසන්න මුදලක් වියදම් වූ බවත් ඉන් වැඩිම මුදලක් වියදම් වූයේ සංරක්ෂණය කළ ඇතා තබා ගැනීම සඳහා සැකසූ විශේෂිත වීදුරු කුටීරයට බවයි.