/
/
title icon
මැදපෙරදිග යුද්ධය කඩිනමින් අවසන් වනු ඇති - ට්‍රම්ප්
මැදපෙරදිග යුද්ධය කඩිනමින් අවසන් වනු ඇති - ට්‍රම්ප්
News Editor
5 hours ago
Share:
මැදපෙරදිග යුද්ධය කඩිනමින් අවසන් වනු ඇති - ට්‍රම්ප්

මැදපෙරදිග පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති බවයි.

ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමන කලක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළා.

මේ වනවිටත් ඉරානයට නායකයා ඇතුළු බොහෝ අහිමි වි ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

ඉරානය සතුව පැවති න්‍යෂ්ටික සහ මිසයිල ස්ථාන සියල්ල මේ වනවිට විනාශ කර ඇති අතර ඔවුන්ට ස්වල්ප යුද ශක්තියක් පමණක් ඉතිරිව ඇති බවත් එය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required