/
/
title icon
ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්
ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්
News Editor
3 days ago
Share:
ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 

කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ගත් බවට වූ චෝදනා යටතේයි. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. 

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට වූ චෝදනාවකට අදාළවයි.

පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කෙරුණේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required