විදුලි වෘත්තිය සමිති අද දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
එම සාකච්ඡා සාර්ථක බවයි අනතුරුව පිටතට පැමිණි එම නියෝජිතයින් කියා සිටියේ.
ජනාධිපතිවරයා සිය ගැටලුවලට සාධාරණය ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව මෙහිදී ඔවුන් පැවසුවා.
ආණ්ඩුව පරාජය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් තම සමිතිවලට නොමැති බවත්, විදුලි වෘත්තිය සමිති සාමාජිකයින් මෙහිදී අවධාරණය කළා.
නව සමාගම්වල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ජනාධිපතිවරයා අද සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්, එහිදී විදුලිබල වෘත්තිය සමිතිවල ගැටලුවලට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී එකඟත්වය පළ කළ බවත් වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියා.
නව සමාගම්වලට බාහිරින් බඳවා ගැනීමට නියමිත විදුලි අධිකාරී සහ විදුලි ඉංජිනේරු පත්වීම් වහාම නැවැත්වීමට ජනාධිපතිවරයා නියෝග කළ බවද විදුලිබල වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළා.