රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.
අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මේ වනවිට මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට සිට රට එළැඹෙන අප්‍රේල් 11 වනදා දක්වා ලොවපුරා රටවලට අවසර ලබාදී ඇති බවයි.
ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මීට පෙර අමෙරිකාව විසින් ඉන්දියානු පිරිපහදුකරුවන්ට ද රුසියානු තෙල් මිලදී ගැනීමට දින 30ක සහන කාලයක් ලබාදීමට කටයුතු කළා.