/
/
title icon
ලෙබනන - ඊශ්‍රායල සාම සාකච්ඡාවකට ප්‍රංශ ජනපති මුලපුරයි
ලෙබනන - ඊශ්‍රායල සාම සාකච්ඡාවකට ප්‍රංශ ජනපති මුලපුරයි
News Editor
5 hours ago
Share:
ලෙබනන - ඊශ්‍රායල සාම සාකච්ඡාවකට ප්‍රංශ ජනපති මුලපුරයි

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සාකච්ඡා පැරිස් නුවරදී පැවැත්වීමට පහසුකම් සැලසීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

X සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් මැක්‍රොන් කියා සිටියේ, තමන් සිකුරාදා දිනයේදී ලෙබනන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කථානායකවරයා සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් එහිදී ඊශ්‍රායලය සමඟ "සෘජු සාකච්ඡා" සඳහා කැමැත්ත පළ කළ බවයි. 

"සාකච්ඡා සහ සටන් විරාමයක් ආරම්භ කිරීමටත්, ස්ථිර විසඳුමක් සෙවීමටත්, ලෙබනන් පරමාධිපත්‍යයට සහාය වීම සඳහා ලෙබනන් බලධාරීන්ට ඔවුන්ගේ පොරොන්දු ඉටු කිරීමට ඉඩදීමටත් ඊශ්‍රායලය මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුයියනුවෙන්  ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එම සටහනේ තවදුරටත් සඳහන් කර තිබුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required