ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා තිබෙනවා.
ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී ඇය පවසා ඇත්තේ, සිය හමුදා මැදපෙරදිගින් ඉවත්කර ගන්නා බවයි.
ඉතාලිය මැදපෙරදිගට එරෙහි යුද්ධයේ කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහි යුද්ධයකට ඉතාලිය සහභාගි නොවන බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.