උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පවතිනු ඇති.
මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව සිටින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.