මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් - 360ත් අතර පරාසයක් තුළ ලබාදීමට පහසුකම් සලසන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා පවසනවා.
ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ඒ අනුව බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ප්‍රමාණය තීරණ වනු ඇති.
එම ක්‍රමවේදය සකස් කරනතුරු ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළා.