/
/
title icon
ඉන්ධන අර්බුදය නිසා රාජ්‍ය සේවකයින්ට බදාදා නිවාඩුවක් - පාසලුත් වැසේ
ඉන්ධන අර්බුදය නිසා රාජ්‍ය සේවකයින්ට බදාදා නිවාඩුවක් - පාසලුත් වැසේ
News Editor
2 days ago
Share:
ඉන්ධන අර්බුදය නිසා රාජ්‍ය සේවකයින්ට බදාදා නිවාඩුවක් - පාසලුත් වැසේ

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා. 

එමෙන්ම වැඩ කරන අනෙකුත් සතියේ දින හතරේදීද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍යද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබාදී ඇති බවද ඒ මහතා පැවසුවා. 

පාසල් සහ විශ්වවිද්‍යාල එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයටද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර තිබෙනවා. 

කෙසේ නමුත් සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ වන්නේ නැහැ. 

මෙම තීරණය පෞද්ගලික අංශයටත් අදාළ කර ගැනීමට කටයුතු කර ලෙසට වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවක සම්මේලනයෙන් ද ඉල්ලීම් කළ බව ඒ මහතා පැවසුවා. 

මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required