මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කළ ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරයාට පැමිණ ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය පැවසුවේ හොංකොං රාජ්‍යයට අයත් සීෆ්‍රොන්ට්ටියර් (Seafrontier) ඉන්ධන නෞකාව මෙලෙස පැමිණ ඇති බවයි.
ඒ අනුව එම නෞකාව මගින් රැගෙන ආ ඉන්ධන අද උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩාව වෙත ඉන්ධන ගොඩබෑමට කටයුතු කළ බවයි ඔවුන් සඳහන් කළේ.
එසේම, එම ඉන්ධන තොගයෙන් තවත් කොටසක් අද පස්වරුවේ කොළඹ වරය, ඩොල්පින් ජැටිය වෙත රැගෙනවිත් එමඟින් කොලොන්නාව ගබඩාව වෙත සම්ප්‍රේෂණය කිරීම සිදු වූ බවද අමාත්‍යාංශය පැවසුවා.
මෙම නෞකාව මගින් 92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික්ටොන් 17,000ක්ද, ඩීසල් මෙට්‍රික්ටොන් 18,000ක්ද සහ සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් 2,800ක්ද ගෙනැවිත් ඇති බවද වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළා.